Life
මේ පානයෙන් වෙන දේ දන්නවනම් ඔබ හැමදාම බොයි
ශරීර සැප ගෙනදෙන ගෝවා පානය
ගෝවා අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් එළවළුවක්. සාමාන්‍යයෙන් ආහාරයක් ලෙස හදලා පාවිච්චි කරත් ගෝවා පානය ඉතා ගුණ බව හුගක් අය දන්නේ නැ. ගෝවා වල ගුණ ඉරදජජදකස, නිවිති හා සමාන වන අතර ගෝවා වල අඩංගු ඇමයිනෝ සංගටක සහ ජිෆනටේ (ඨැේරබ්එැ) ඉහල අගයනිසා එය ආමාශගත රෝග සදහා ඉතා යෝග්‍ය වේ. ගෝවා යුෂ වල අඩංගු ඛ-ග්ලුටැමයින් පෝෂක ශරිරයට් උරා ගැනීම වැඩි දියුණු කරයි.
ප්‍රතිඔක්සිකාරක
ගෝවා වල බහුල ලෙස ප්‍රතිඔක්සිකාරක නිසා ශරීරයට ඇතුල්වන අහිතකර මගින් ආරක්ෂා කරයි.
පිළිකා නාශක ගුණ
ගෝවා වල අඩංගු ශාක සාර ප්‍රතිශක්තිකරණ ඉහල නංවා පිලික ඇතුළු ලෙඩ රෝග , වෛරස් වලින් ආරක්ෂා කරයි.
කොලෙස්ටරෝල්
ගෝවා වල අඩංගු ඔමේගා 3 ඇසිඩ් මගින් අධි රුධිරපීඩනය ඛෘඛ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ අඩු කරයි.
ශරීර පැහැය සහ සම
ගෝවා වල ඛෙහෙවින් අඩංගු විටමින් A සහ ෑ සම පිළිබදවද, සල්ෆර් ආසාදන සමගද පොටසියම් සම පිරිසිදු කිරීමටද උදව් වේ.
ගෝවා පානය සාදන ආකාරය
අවශ්‍ය දේ.
- කපාගත් ගෝවා කොළ කෝප්ප 3ක් ( ග්‍රෑම් 675 පමණ)
- වතුර මි.ලි. 430 ( කෝප්ප 1 ර්)
වතුර විනාඩි 30ක් පමණ උණුකර ගන්න. උණු කිරීම මගින් ජලයේ ඇති අහිතකර දේ ඉවත්වේ. නැත්නම් වතුර පෙරනයක් මගින් ලබාගත් වතුර පාවිච්චි කරන්න. ගෝවා කැබලි සහ වතුර බ්ලෙන්ඩරයට දමා අඩු වේගයෙන් බ්ලෙන්ඩ් කර ගන්න. වතුර කොළ පාටට හැරුණු පසු නවත්වන්න. ඉන්පසු වැඩි වේගයෙන් තත්පර 10 පමණක් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මෙම මිශ්‍රණය බෝතලයකට දමා කට හොදින් වසන්න. මතක ඇතිව බෝතල පුරවන විට මුළු බෝතලයම පුරවන්නේ නැතිව ඉන්න. මෙම මිශ්‍රණය සුළු වශයෙන් ප්‍රසාරණය වෙන නිසා පොඩි ඉඩක් අවශ්‍යයි. මෙම බෝතලය කාමර උෂ්ණත්වයේ පැය 72 පැසෙන්න තබන්න. අවසානයේ පිරිසිදු රෙදි කඩකින් හෝ පෙනේරයකින් ජලය පෙරා ගෙන අලුත් බෝතලයක දමා ශිතකරණේ තබා ගෙන පාවිච්චි කරන්න.
wishmaya.com